වාරි කර්මාන්තය

අතීත ආර්යන් ලංකාවට පැමිණිමත් සමඟ ඔවුහූ ගංගා අශ්‍රිතව ජනාවාස පිහිටුවා ගත්හ.කාලයක් ගතවත්ම ඔවුන්ගෙ ගොවිතැන් කටයුතු සඳහා ජලය එක් කර තබා ගැනිම සඳහා වාරි මාර්ග ඉදි කිරිමට පෙලඹුනි.වාරි මාර්ග පද්ධතියක් අමුණු,ඇළ මාර්ග,වැව්,වේළි,ගංගා වලින් සමන්විත වේ.

වාරි මාර්ග පද්ධතියක් ආරම්භයට බලපෑ භෞතික සාධක
✿.යෝග්‍ය භූ විෂමතා ලක්ෂණ තිබිම.
✿.වියලි කලාපිය තැනිතලාවේ බෑවුම අනුව ඇළවල් කැපිම සඳහා යෝග්‍ය භූ විෂමතාවයක් තිබිම.
✿.මිටි කඳුවැටි හා ඒවයේ නේරු පිහිටිම.

ගලා යන ඔයක්,ගඟක් හෝ දිය පරක් හරස් කර වැව් නිර්මාණය කර ඇත.පෝෂක ප්‍රදේශයට අමතරව බාහිර ප්‍රභවයන්ගෙන් ජලය ලබා ගන්නා අවස්ථාද ඇත.එනම් වැව් නිම්නයේ පහළ මට්ටමට වඩා ඉහළ මට්ටමකින් ගලන වැවට සමිප ඔයකින් හෝ ගඟකින් ජලය ලබා ගැනිමයි.

වැවක ප්‍රධාන අංග කිපයකි.එනම්,

වැව් බැම්ම 
වැවක් ඉදි කිරිමේදී වැව් බැම්මේ නිර්මාණය ඉතා වැදගත්ය.ගලා යන ජල පාරක් හරස් කර බැම්මක් බැඳිමේදි එකිනෙකට ළංව පිහිටි කඳු දෙකක් සම්බන්ද කර ගත් බව පෙනේ.

සළපනාව
වැව් බැම්මේ ආරක්ෂාවට සඳහා වැව් බැම්මේ ඇතුල් පැත්තේ පාදමේ සිට ඉහළ ජල මට්ටම දක්වා කලු ගල් පුවරු අතුරා ඇත.මෙය රළ පැන්නුම නමින්ද හඳුන්වයි.මෙමගින් වැව් බැම්ම රළ පහරින් සේදි යාම වළකියි.

සොරොව්ව
๑۩๑සොරොව්ව๑۩๑
වැවේ රැඳවු ජලය කෙත්බිම් කරා ගෙනයාම පිණිස ඇළට ජලය මුදා හැරිම සඳහා සකස් කල නිර්මාණයකි.පැරණි වැව් වල ඉතාමත් සියුම්ව ජලය කාන්දු නොවන ආකාරයෙන් කළුගලෙන් නිර්මාණය කර ඇත.
   ඇළ හැරීම වැළැක්විම සඳහා සොරොව්වේ වැව පැත්තේ සිදුර කුඩාවටත් ඇළ හා සම්බන්දවන් පිටත විවරය විශාලවටත් සකස් කර ඇත.
   ගොඩ සොරොව්ව හා මඩ සොරොව්ව යනුවෙන් සොරොව් වර්ග දෙකකි.වැවේ ජල මට්ටම ඉහල තිබෙන විට ජලය සැපයිය හැකි අයුරින් ඉහල ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව ලෙස හඳුන්වයි.වැව් බැම්මේ පහල මට්ටමින් මඩ සොරොව්ව පිහිටුවා ඇත.මඩ ඉවත් කිරිම සහ ජල මට්ටම පහල ගිය අවස්ථා වලදි ජලය බෙදා හැරිම සඳහා ද මඩ සොරොව්ව යොදා ගනි.



බිසෝකොටුව
๑۩๑බිසෝකොටුව๑۩๑
විශාල වැවක වැව් බැම්ම හරහා සොරොව්වකින් ජලය පිටට යැවිමේදි වැව් බැම්මට වන හානිය වැලැක්විම සඳහා බිසොව්කොටුව නිර්මාණය කර ඇත.හතරැස් ළිඳක හැඩයට තන ඇති බිසෝකොටුව මෙරට වාරි කර්මාන්තයේ විශිෂ්ටතම නිර්මණයකි.අවශ්‍ය වෙලාවට හා අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කිරිම සඳහා යොදා ගන්නා විශේෂ ජල පාලන උපක්‍රමයක් බිසෝකොටුවෙහි ඇත.





පිටවාන
වැවේ අතිරික්ත ජලය පිට කිරිම සඳහා ඉතා ශක්තිමත්ව සකස් කළ නිර්මාණයකි.බොහො විට කෙළවරක වැව් බැම්මේ මට්ටමට පහත් වන සේ ගල් පුවරු යොදා සකස් කර ඇත.අතිරික්ත ජලය පිටවාන ඔස්සේ බැස යාම නිසා වැව් බැම්ම ආරක්ෂා වේ.

ඇතුළුවාන
බාහිර ජල සැපයුමක් මගින් වැවකට ජලය සපයන විට එම ඇළ වැවට විවෘත කරනු ලබන්නේ ඇතුළුවාන මගිනි.මෙය පිට වාන මෙන් ශක්තිමත් නිර්මාණයක් නොවේ.ජල මාර්ග දිගේ ගලා එන රොන්මඩ වැවට යා නොදී රඳවා ගැනිම ඇතුළුවාන මගින් සිදුවේ.





කලා ශිල්ප....මෙතනින් කියවන්න