ආරාමවල සැලසුම් ගැන කියන රිටිගල

ඵෙතිහාසික,ආගමික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම අතින් රිටිගලට හිමි වන්නේ අනෙකුත් සියලුම කඳු වලට නොදෙවෙනි ස්ථානයකි.ගල් ගුහා,විශාල ගල්කුළු ඇතුළු එහි ස්වාභාවික පිහිටිම ආදිවාසී ගෝත්‍රික ජනතාවට,භික්ෂු සංඝයාට හා රාජ්‍යත්වය උදෙසා සටන්වැදී රාජකීයන්ටද කුමාරවරුන්ටද ස්වාභාවික සෙවණක්ම විය.ක්‍රි.ව.10 වැනි සියවස අගභාගයෙදී සහ 11 සියවස මුල් භාගයේදිත් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ කලාපයන් පැමිණි චෝලයන්විසින් රිටිගල ආරාම සංකීර්ණය විනාශයට පත් කරන ලදී.ඉන්පසු මෙම ප්‍රදේශයේ තිබු නටබුන් හා ලෙන් වනාන්තරයෙන් වැසී යන්නට විය.එය අලි,කොටි වලස්සු වැනි සතුන්ගේ වාස භුමියක් විය.
ශ්‍රි ලංකාවේ උතුරු දිග තැනිතලවේ පිහිටි උසම කන්දක් වු රිටිගලෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 765කි.රිටිගල නමින් හඳුන්වන පර්වතය පිහිටා ඇත්තේ කඳු වැටියේ දකුණු අන්තයේය.එහි මුදුන ත්‍රිකෝණමිතික මිණුම් ස්ථානයේ ලකුණු කර ඇත.ඉපැරණි බළකොටුවක ස්වරුපයේන් යුක්ත වන එය සුවිසල් ගල් යෙදු පවුරකින් වටවි ඇත.ඊට සමීපව නැගෙනහිර දෙසින් එකිනෙකට සම්බන්ද වූ ගිරිකුළ තුනකි.එය ආඬියාගල තැන්න නම් රිටිගල කන්ද කඳුවැටියේ අනෙක් කඳුවලින් වෙන්වී ඇත්තේ වේවැල් තැන්න නිම්නයෙනි.මෙම ප්‍රදේශය වේවැල්තැන්න යනුවෙන් හඳුන්වන්නේ ඒ අවට ඇති විශේෂිත වේවැල් වර්ගයක් නිසාය.
ඉහළ වැටිය රිටිගල කන්දේ උතුරු දෙසට දිවෙන මුත් එය ගැඹුරු දුර්ග මාර්ගයකින්  වෙන්වේ.මෙම වැටිය දෙයින්ගේ කන්ද,මහ කන්ද සහ සීතල කන්ද යන මුදුන් තුනෙන් සමන්විතය.

රිටිගල ආරාම භුමියේ තිබු ගොඩනැගිලිවල නෂ්ටාවශේෂ












බන්දා පොකුණ
රිටිගල හමුවන සුවිශේෂි නිර්මාණයක් ලෙස බන්දා පොකුණ හැදින්විය හැකිය.එමගින් හෙක්ටයාර් අටක භුමි ප්‍රදේශයක් වැසි පවතින අතර එහි ධාරිතාවය ජලය ගැලුම් මිලියන දෙකක් පමණ වේ.
රිටිගල ආරාම කළාපය ආරම්භ වන්නේ බන්දා පොකුණ ඉවුර පාමුල තිබෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කර්යාලය අසලිනි.එහි අඩි කිපයක් ඉහළට නැගිමෙන් පොකුණු ඉවුර මතට ලඟාවිය හැකිය.පොකුණ වටේට දැවැන්ත කලු කල් පතුරු යොදා සකස් කර ඇත.මේ වන විට ඒවා පවතින්නේ නටබුන් තත්වයෙනි.


පෙත්මග
රිටිගලදි හමුවන තවත් සුවිශේෂි නිර්මාණයකි පෙත්මග.ඇසට පෙනෙන තෙක් මානයට තුරුලතා මැදින් වැටි ඇති මෙය විශාල පැතලි ගල් ඇල්ලු අඩි පාරකි.එකවර තිදෙනෙකුට වුවද පහසුවෙන් ගමන් කල හැක.මෙම පදිකාව භාවනා මඟක් ලෙස භාවිතා කරන්නට ඇති බව පැවසේ.එමෙන්ම මෙම මාර්ගය ආරාමයට ඇතුළුවිමට තිබෙන ප්‍රධාන මාර්ගය ලෙසද සැලකේ.
    

0 comments:

Post a Comment