කලා ශිල්ප

ශ්‍රි ලංකාවේ අතීත උරුමයන් පිලිබඳව සොය බැලිමේදි කලා ශිල්ප ප්‍රධාන තැනක් ගනි.ශ්‍රි ලංකාවේ කලා ශිල්පවල විකාශනය බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ සිදු විය.මුල් කාලයේ වනගතව හා ලෙන්වල වාසය කල බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරිම සඳහා විහාර ගෙවල් වැනි දේ නිර්මාණය විම ලාංකීය කාලාශිල්ප දියුණු විමට හේතුවක් විය.
๑۩๑ථුපාරාමය๑۩๑

චෛත්‍ය නිර්මාණය ගැන සඳහන් කරන විට ඉදි වු මුල්ම චෛත්‍ය ථුපාරාමයයි.කාලයක් ගත වෙන විට රුවන්වැලිසැය,මිරිසවැටිය වැනි චෛත්‍යයන් ඉදි විය.චෛත්‍ය ඉදි කිරිමේදි පැරනි ගෘහ නිර්මාණ ශිල්පීන් තාක්ෂනික උපක්‍රම යොදා ගෙන ඇත.ඒවා නම්,






ආරාම
භික්ෂුන් වහන්සේලා සඳහා මෙය ඉදි කෙරිණි.අනුරාධපුරයේ පිහිටි මහා විහාර,අභගිරි විහාර,ජේතවන විහාර මීට අයත්ය.දුටුගැමුණු රජු ලෝවාමහාපාය නව මහල් ප්‍රාසාදයක් ලෙස ඉදි කර භික්ෂුන් දහස් ගණනකට පුජා කල බව මූලාශ්‍ර වල සඳහන් වේ.

වටදාගෙය
චෛත්‍ය වට කර කණු මත පිහිටුවන ලද කවාකාර වහලයකින් යුත් වටදාගෙයකට උදාහරණ ලෙස ථුපාරාමය හා ජේතවනාරාමය දැක්විය හැක.මේ සඳහා ලී කණු හෝ ගල් කණු යොදාගෙන  ඇත.ගල් කණු කැටයම් කොටා අලංකාර කර ඇත.

කැටයම් හා මූර්ති

๑۩๑සඳකඩපහණ๑۩๑
කැටයම් හා මූර්ථි අතර කොරවක්ගල,සඳකඩපහන හා මුරගල වැදගත් වේ.සඳකඩපහන,අඩ සඳක හැඩයකට නිර්මාණය කළ ගල් කැටයම් පුවරුවකි.
๑۩๑කොරවක්ගල๑۩๑
   පිපුණ නෙලුම් මලක අඩක් සඳකඩ පහනේ මැද දක්වා ඇත.ඒ වටා ලියවැල් රවුමක්ද,හංස පේළියක්ද සිංහ,අශ්ව,වෘෂභ යන සත්ව පෙළක් ද කෙළවර ගිනිදැල් හෝ පළා පෙති මොස්තර පෙළක්ද අතිව එය නිර්මණය කර ඇත.හින්දු භක්තිකයන්ගේ පුජනීයත්වයට පත් සතෙක් නිසා පොළොන්නරු යුගයේ දී සඳකඩ පහනෙන් ගවයා ඉවත් කර ඇත. 
   සඳකඩ පහණ දෙපස කැටයම් සහිත මුරගල් හා කොරවක්ගල් දෙකකින්  සමන්විතය.
   එමෙන්ම පිළිම නෙලීම කල්ල ශිල්ප අතර තවත් වැදගත් නිර්මාණයකි.හිඳි පිළිම,හිටි පිළිම හා සැතපෙන පිළිම නිර්මාණය කර ඇත.
   අනුරාධපුර යුගයට අයත් පිලිම අතර බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ හිඳි පිළිම ය.දෙපා හරස් කොට නවාවම් පය මත දකුණු පය ද උකුලෙ වම් අත්ල මත ඩකුණු අත්ල තබා ඉතා ලිහිල් ඉරියව්වෙන් සමාධි සුවයෙන් ආසනය මත වැඩ හිඳිනා ආකාරයෙන් බුදු පිළිම නෙළා ඇත.කුට්ටම් පොකුන අසල ඇති සමාධි පිළිමය මෙයට නිදසුනකි.එකම අරමුණක් කරා යොමුවි ඇත්තාක් මෙන් නිර්මාණය කර ඇති මෙම පිළිමයෙන් මෛත්‍රිය,කරුණාව වැනි ගුණාංග විදහා දැක්වේ.
 පොළොන්නරුව යුගය වන විට හින්දු ආගම හා සම්බන්ද දේව ප්‍රථිමා නෙළිමද දක්නට ලැබේ.ශිව,විශ්ණු,ගණදෙවි ප්‍රථිමා ඒ අතර වැදගත් වේ.ලෝහ කර්මාන්තයේ විශිෂ්ට නිර්මණ ලෙස මේවා  හැදින්විය හැක.

චිත්‍ර කලාව
කලා ශිල්ප යටතේ චිත්‍ර කලාව ද ඉතා වැදගත් වේ.ශ්‍රි ලංකාවේ චිත්‍ර අතර සිගිරි චිත්‍ර විශ්ව කීර්තියට පත්වි ඇත.ක්‍රි.ව.5 වන සියවසට අයත් සේ සැලකෙන මෙම චිත්‍ර සිගිරි පර්වත ප්‍රාන්තයේ පිහිටි ලෙන් වල ඇඳ ඇත.නෙළුම්,උපුල් හා සපු ආදි මල් පැළඳ,මල් අතින් ගෙන සිටින ස්ත්‍රින් දැක්වෙන මෙම චිත්‍ර කාශ්‍යප රජුගේ කාලයේ නිර්මාණය කර ඇත.ඉන්දියවේ ගුප්ත සමයට අයත් අජන්තා චිත්‍ර කලාවේ අභාශය අනුව සිගිරි චිත්‍ර ඇඳ ඇති බවට ඇතමුන් අදහස් දක්වා ඇත.
   පොළොන්නරු යුගයට අයත් චිත්‍ර ලංකාතිලක පිළිමගෙය හා තිවංක පිළිමගෙහි දක්නට ඇත.ලංකාතිලක පිළිමගෙහි බිත්ති මුළුමනින්ම චිත්‍ර වලින් සරසා තිබෙන්නට ඇති බව විශ්වාස කෙරේ.දැනට ඉතිරිව ඇත්තේ එක් දොරටුවක ආරුක්කුවේ ඇති චිත්‍ර පමණි.